Niwane Niweema
Audio With External Links Item Preview
Share or Embed This Item
- Publication date
- 1991-11-26
- Usage
- Attribution-Noncommercial-No Derivative Works 3.0




- Topics
- Katukurunde Nanananda, Meethirigala, Nibbana, Niwane Niweema, Pahan Kanuwa, Gnanananda, Katukurunde, Nirwana, Buddhism, Sinhala, Dhamma, Bana, Dharma
- Language
- Sinhalese
- Item Size
- 638.7M
A seies of 33 talks given at the Meethirigala Forest Monastery on the subject of Nibbana.
2500 වසරකට වැඩි කලක් තථාගත ශ්‍රී සද්ධර්මය රැකගෙන ආරක්ශාකර දුන්නේ සිංහළ සංඝයා වහන්සේය. ඒ උත්තම ක්‍රියාවම පමණක් ඒ ස්වාමින්වහන්සේලාගේ පුජනීයත්වයට හේතු වෙයි. අපේ සංඝයාවහන්සේ අතර ධර්මය රැක ගන්නවා මිස ධර්මයෙහි හැසිරෙන්නට ඇති කැමැත්ත අඩුවෙන්නට වුයේ අපේම අවාසනාවකටය. එනමුත් හෙළ සාසන අඹරෙහි දිලුන දීප්තිමත් තාරකාවෝ බොහොමයකි. අපවත්වී වදාළ අති පුජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින්වහන්සේ මෑත අතීතයේ අපට සිටි මහාම සඟ රුවනකි. මේ අති පුජ්‍ය ස්වාමින්වහන්සේ ගෙන් ධර්මය සහ මාර්ගය හදාළ ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම අද ලංකාවේ බෞද්ධ ධර්මය රැකගෙන ශාසනය පෝෂණය කෙරෙත්.
1972 අවුරුද්දේ මීතිරිගල නිස්සරණ වනය සෙනසුනට ගොස් මහා ස්වාමින් වහන්සේගෙන් ශිෂ්‍යභාවය ලබාගත් පුජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමින්වහන්සේ එයින් එක් සංඝ රත්නයකි. ත්‍රිපිටකය ගැන ඥාණානන්ද ස්වාමින්වහන්සේගේ දැනුම සහ අවබෝධය හොඳින් වටහාගත් ලොකු ස්වාමින්වහන්සේ විසින් කල ඉල්ලීමක් නිසා ඥාණානන්ද ස්වාමින් වහන්සේ විසින් නිර්වාණය යන මාතෘකාව යටතේ දේශනා පෙළක් 1988 අගෝස්තු 12 වැනිදා පටන් මීතිරිගල නිස්සරණ වනයෙදී සෑම දෙපොයකටම වරක් පවත්වා වදාළ සේක. 1991 ජනවාරි 30 වෙනිදා පැවැත්වූ 33 වන දේශනාවෙන් සම්පුර්නවූ මෙම දේශනා පෙළ අද දක්වාත් කිසිම භාෂාවකින්, කිසිම රටක නිර්වාණය ගැන කෙරුන සම්පුර්නම නිර්මාණය වන්නේය.
පටිගත කරන ලද මෙම දේශනා 33 බාගත කරගන්නට අදාළ LINKS සියල්ල
https://mp3nibbana.wordpress.com හි දක්වා ඇත.
එම පිටුවේ දකුණු පැත්තේ ඇති තීරුවෙහි ඇති අදාළ දේශනාව CLICK ක්ලික් කිරීමෙන් ඔබට මෙම දේශනාව අසන්නට පිළිවන. PDF ලෙස සකස් කල මෙම දේශනා සහිත පොත් බාගත කර ගන්නට පහත ඇති PDF පොත් LINKS ඔබන්න
දේශකයාණන් වහන්සේ ගේ ප්‍රකාශය
මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේ වශයෙන් වැඩ විසූ, අපවත් වී වදාළ අතිපූජනීය මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් අප වෙත කරන ලද සමාරාධනය මේ දේශනා පෙළට ආසන්න නිමිත්ත විය. අපගේ ගුරුදේවයන් වහන්සේ වූ උන්වහන්සේ, මෙයට වසර කීපයකට පෙර නිස්සරණ වන යෝගාවචර සඟ පිරිසට ඉදිරිපත්වු එක්තරා ධර්ම ගැටළුවකදී ‘නිවන’ පිළිබඳව දේශනා පෙළක් පැවැත්වීම ප්‍රයෝජනවත් විය හැකි බවත්, ඒ දේශනා පටිගත කරගැනීමට කටයුතු යෙදිය හැකි බවත් පවසමින් අප වෙත කරන ලද දයාන්විත ආරාධනය පිළිගැනීමට මුලදී පසුබට වීමු. යළිත් එම ආරාධනාව කළ අවස්ථාවේදී, එසේ පසුබට වීමට එක් හේතුවක් වශයෙන් අප සඳහන් කළේ ‘නිවන’ සම්බන්ධයෙන් දැනට ප්‍රචලිතව ඇති ඇතැම් මතිමතාන්තර කෙරෙහි අප දක්වන වෙනස් ආකල්පය නිසා ඇතිවිය හැකි ප්‍රතිචාරයය. එවිට උන්වහන්සේ වදාළේ: “ඒකට කමක් නෑ …. මා ආරාධනා කළ බව දේශනාවේදීම කියන්න” යනුවෙනි.
ඒ සා උදාර පැවරීමකින් උත්සාහවත්ව ආරම්භ කැරුණු මෙම දේශනා මාලාව දෙවසරකට වැඩි කාලයක් තිස්සේ (1988.08.12 – 1991.01.30) දෙපෝයකට වරක් බැගින් අප ගුරුදේවයන් වහන්සේගේ අතිපූජනීය පාදමුලයේදී නිස්සරණ වනයේ අප සබ්රහ්මචාරී ගරුතර යෝගාවචර සඟ පිරිස හමුවේ පවත්වන්නට යෙදුණි. ගිලන්වූ ඇතැම් අවස්ථාවලදී පවා මාහිමිපාණන් වහන්සේ යහන්ගතව දෙසුමට සවන් දුන්හ. උන්වහන්සේ බැහැර සෙනසුනෙක වැඩ විසූ එක් අවස්ථාවෙක, මාහිමිපාණන් වහන්සේ මුල’සුනෙහි නොමැතිව දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් පැනනැඟුනු ප්‍රශ්නයක් නිසා එක් දේශනා වාරයක් මඟ හැරුණි. ඒ බැව් සැළවූ විට. නොකඩවාම දේශනාමාලාව පැවැත්විය යුතු බවත්, තමන් වහන්සේට ඒ දෙසුම් පටිගත කළ පසුව වුවද ඇසිය හැකි බවත්, උන්වහන්සේ වදාළහ. අප ගුරු දේවයන් වහන්සේගේ ඒ උදාර මුදිතා ගුණයට හා ධර්මකාමී ශාසන දයාවට නමස්කාර වේවා!
දෙසුම් 33 කින් පරිමිත මෙම දේශනා මාලාව පැවැත්වීමේදී අප අනුගමනය කළ විවරණ මාර්ගය අනුව හේතුසාධක වශයෙන් පෙළ අටුවා ආදියෙන් කොතෙකුත් උඩෘත පාඨ ගෙනහැර දැක්වීමට සිදුවිය. ඒ අනුව එක්තරා බුද්ධිගෝචර රටාවක් මෙහි දැකිය හැකි නමුදු අප පරමාර්ථය වූයේ සද්ධර්මයේ සජීව ප්‍රායෝගික පක්ෂය ඉස්මතු කර දීමමය. ඇතැම් විට හුදු බුද්ධිවාදයක අතරමං වී සිටින උගතුන් කිසියම් ධර්මප්‍රබෝධයක් තුළින් ප්‍රතිපදාව වෙතට යොමුකරවා ගැනීමට මේ විවරණ මාර්ගය උපකාරවත් විය හැකිය. කෙසේ හෝ වේවා, යමෙකුට ධර්මරසය විඳිමින්ම දෙසුමකට සවන්දිය හැකිවන අයුරින් විවිධ උපමා, උපමා කථා, නිදර්ශන ආදියෙන් දෙසුම් පෙළ පණපෙවීමට උත්සාහවත් වීමු. බුදු පියාණන් වහන්සේ වදාළ පරිදිම, “මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙකිනුදු දෙසුමෙක අරුත මැනැවින් වටහා ගනිත්”.
- Addeddate
- 2013-11-25 07:53:53
- External_metadata_update
- 2019-04-16T01:52:56Z
- Identifier
- Niwane-Niweema
- Scanner
- Internet Archive HTML5 Uploader 1.4.2
- Year
- 1991
comment
Reviews (1)
8,498 Views
3 Favorites
DOWNLOAD OPTIONS
IN COLLECTIONS
CratediggersUploaded by Sinhala Dhamma on
Open Library